free page hit counter

පරාදීසයක් මිහිමත අපායක් කරන්න ත්‍රස්තවාදීයට පුළුවන්-කීර්ති

Politics 1047

ආසියාවේ සංචාරක ව්‍යාපාරයට ඇති ප්‍රබලම අභියෝගය ත්‍රස්තවාදය බව දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ දකුණු කොරියාවේ ජේජු දිවයිනේ පැවැත්වෙන ‘ජේජු ෆෝරම් 2019‘ අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේය.

‘‘ආසියාවේ සංචාරක ව්‍යාපාරයට ඇති ප්‍රභලම අභියෝගය ත්‍රස්තවාදයයි. මේ මොහොතේ සුන්දර මැජික් පලස් මතින් වලාකුළු අතර පියාසරන සංචාරක පාරාදීසයක් මොහොතකින් මිහිමත අපායක් බවට පත් කරන්නට එක් ප්‍රචණ්ඩ සිදුවීමකට පුළුවන්.

වසර 4ක් අඛණ්ඩව 22%ක වර්ධනයක් පෙන්වූ ලංකාවේ සංචාරක කේෂ්ත්‍රෙය අද ත්‍රස්තාවාදීන් කිහිප දෙනෙකුගේ ක්‍රියාවක් නිසා දැවැන්ත පසුබෑමකට ලක්වී තිබෙනවා.

පැය 2 කටත් අඩු කාලයක් තුල සියල්ල උඩුයටිකරු කරන්නට ආරක්ෂාව පිළිබද දුර්වලතාවයක් සමත්වෙනවා‘‘ යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
ඔට්ටුකරුවන්ගේ අනාවැකි – ලෝක කුසලානයේ වැඩි අවස්ථාව එංගලන්තයට. ශ්‍රී ලංකාවට 8වෙනි තැන
ලොව පුරා ක්‍රිකට්ලෝලීන් මහත් ඕනෑකමින් බලාසිටි 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය හෙට (30) ආරම්භ වීමට ...