free page hit counter
LATEST

පාසල්වල ආරක්ෂාව ගැන පැතිරෙන කට කථාවලට රැවටෙන්න එපා

local 1169

පාසල්වල ආරක්ෂාව ගැන පැතිරෙන කට කථා සම්බන්ධයෙන් ජනතාවට නොරැවටී සිටින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

රුවන් ගුණසේකර මහතා අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, සමහර පාසල්වල ස්ථානීය ආරක්ෂාව මේ වන විට සම්පූර්ණයෙන් තහවුරු කර ඇති බවයි.

තවත් පාසල්වල පොලිස් ජංගම හා යතුරුපැදි මුර සංචාර ක්‍රියාත්මක කර ආරක්ෂාව තහවුරු කර ඇති බව ද පැවසු රුවන් ගුණසේකර මහතා, ඒ අනුව පාසල් සම්බන්ධයෙන් පැතිර යන අනවශ්‍ය කට කථාවලට රැවටෙන්න එපා යනුවෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කෙසේ වෙතත් මේ වන විට දිවයින පුරා පාසල් ආශ්‍රිතව පොලීසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
පාස්කු ‌බෝම්බ කමිටුව 20දා ‌මෛත්‍රිගෙන් ප්‍රශ්න කරන්න යයි: අහන ප්‍රශ්නය ‌මෙන්න
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ‌සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු ‌තේරීම්කාරක සභාව ලබන සිකුරාදා (20) ජනාධිපතිවරයා මුණගැසී ...