free page hit counter

පාස්කු ප්‍රහාරය ගැන හොයන්න පත් කළ කාරක සභාව ලබන 4 යළි රැස්වෙයි

Politics 1108

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන මස 04 වනදා යළි රැස්වීමට නියමිතව ඇත.

ඒ අනුව එදිනට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි ලබා ගැනීම සඳහා කැඳවා ඇති බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයෙකු අද දෙරණට සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ (29) රැස්වි සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කලේය.

ඊයේ දිනයේදී වත්මන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ ජාතික බුද්ධි අංශ ප්‍රධානී හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා සාක්ෂි ලබා දුන්නේය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
බැඳුම්කරයට බොරු කිව්වට රවීට එරෙහි වෙන්න නීතිපති සුදානමින්
මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරියේදී ...