free page hit counter

මාරක රිය අනතුර‍කින් මව-පියා සහ 12 හැවිරිදි පුතු ජීවිතක්ෂයට

local 1041

නොච්චියාගම, සිංහාරගම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් එකම පවුලේ මව පියා සහ පුත්‍රයා මිය ගොස් තිබේ.

පුත්තලම – අනුරාධපුර මාර්ගයේ සිංහාරගම ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව තිබුණි.

නොච්චියාගම සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.

අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් එකම පවුලේ තිදෙනෙකු බරපතල තුවාල ලබානොච්චියාගම රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබේ.

එලෙස මිය ගොස් ඇත්තේ 48හැවිරිදි අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ 12 හැවිරිදි පුත්‍රයායි.

අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථ රියදුරු අත්ඩංගුවට ගෙන තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
කැලණිය සරසවියේ වෛද්‍ය පීඨය හැර අනෙකුත් සියලුම පීඨ වසා දමයි
කැළණිය විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨය හැර සෙසු සියලුම පීඨ යළි දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට ...