free page hit counter
LATEST

මෝදිගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වෙන්න ජනපති ඉන්දියාවට

Politics 1124

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වීම සඳහා අද(30) උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගිය බව අද දෙරණ වාර්තාකරු පවසයි.

එතුමා සමඟ තවත් 12 දෙනෙකු දූත පිරිස ලෙස පිටත්ව ගිය වාර්තා වෙයි.

ඔවුන් අද උදෑසන 8.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.282 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව අප වාර්තාකරු සඳහන් කළේය.

මෙම ගුවන් යානය දහවල් 11.50 ට ඉන්දියාවේ නවදිල්ලි නුවරට ලගා වීමට නියමිත බව වාර්තා වෙයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
පරාදීසයක් මිහිමත අපායක් කරන්න ත්‍රස්තවාදීයට පුළුවන්-කීර්ති
ආසියාවේ සංචාරක ව්‍යාපාරයට ඇති ප්‍රබලම අභියෝගය ත්‍රස්තවාදය බව දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ...