free page hit counter

රට ඉදිරියේ දී විශාල අනතුරකට ලක්විය හැකියි-තිස්ස

Politics 1125

පාලකයන් දේශපාලන වාසි වෙනුවෙන් කටයුතු කිරීම හේතුවෙන් රට ඉදිරියේ දී විශාල අනතුරකට ලක්විය හැකි බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

කොළඹ පැවති වැඩ සටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

චෝදනවක් යම් පුද්ගලයෙකු හට එල්ලවී ඇත්නම් අදාළ චෝදනාව පරික්ෂ කර සනාත කරන තුරු අදාළ පුද්ගලයින් ආණ්ඩුවේ යම් වගකීමක් දරන්නේ නම් එම තරනතුරුවලින් ඉවත් විය යුතු බව තිස්ස අත්තනායක මහතා පවසයි.

පාලකයින් විසින් දේශපාලන වාසි වෙනුවෙන් ක්‍රියාක කිරීම හේතුවන් අද වන විට ජාතිය, ආගම රට ආරක්සා කිරීම යන තැන කිසිවෙකුත් නොමැති බව ඒ මහතා පෙන්වා දෙයි.

මේ අතර සියලු දේශපාලන නායයින් හැමවිටම ක්‍රියා කරනු ලබන්නේ තම ආරක්ෂාව සහ තම වාසියට පමණක් බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
ව්‍යාජ නෝට්ටු සමඟ කතුන් දෙදෙනෙක් පොලිස් දැලේ
කොහුවල, ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු තොඟයක් සමග කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. කොහුවල පොලීසියට ලද ...