free page hit counter

වෛද්‍ය ෂාෆිගේ සැත්කම් ගැන විමර්ශනයට පත් කල කමිටුවේ වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යාංශයට

local 1079

කුරුණෑගල ශික්ෂණ රොහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි මහතා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කිමිටුවේ අතුරු වාර්තාවක් අද(30) සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව සාමාජිකයින් 06 දෙනෙකුගෙන් සමන්විතයි.

කමිටුව මේ වනවිටත් පාර්ශව රැසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා අද දෙරණට ප්‍රකාශ කළේය.

මේ අතර වෛද්‍ය මොහොමඩ් ශාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගැනීමෙන් පසු තමන්ට යළිත් දරුවෙකු බිහිකිරීමේ අවස්ථා නොලැබුණු බවට පවසමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට මව්වරුන් 200 දෙනෙකු මේවන විට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
ලෝක කුසලාන සටන අද ඇරඹෙයි-සිංහයින් ජූනි 1 වන දා තරග බිමේ
12 වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙල අතිඋත්කර්ෂවත් අයුරින් ඊයේ(29) එංගලන්තයේ ලන්ඩන් නුවරදී ...