free page hit counter

සිරියානු රජය බෝම්බ හෙලයි

World 1109

සිරියාවේ ඉඞ්ලිබ් පළාතේ කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් සිරියානු රජයේ හමුදා ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බවත් එයින් කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළු සිවිල් වැසියන් 20 දෙනකු මියගිය බවත් පැවැසෙයි.

සිරියානු රජයේ හමුදා කළ බෝම්බ ප්‍රහාරවලින් සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි ලෙස සිය කනස්සල්ල දක්වා ඇතැයි ද පැවැසෙයි.

පසුගිය මාසයක කාලයේ සිරියානු ගුවන් හමුදාව, රුසියානු ගුවන් හමුදාවේ ද සහාය ඇතිව කළ බෝම්බ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 229 දෙනකු මියගිය බවත් 727 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
නියෝජිත පිරිසක් මැදපෙරදිග සංචාරයක
ඇමෙරිකන් විශේෂ නියෝජිත කණ්ඩායමක් මැදපෙරදිග සංචාරයක් ආරම්භ කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ...