Get all the latest news, Politics, Sri Lankan daily hot Sinhala, hottest celebrity gossip and much more on LNR.lk

මහසගරුවනයි-පුරවැසි බලයයි අරලියගහ මැදුරට එයි

Politics

කතානායක කරු ජයසූරිය මහතා එජාපයේ ජනාධිපති අපේකෂක ‌ලෙස නම් කරන ‌‌ලෙස ඉල්ලා මහාසංඝරත්නය නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් අරලිය ගහ මන්දිරයට වැඩම ‌කොට ඇත.

පෙරේදා (14) දිනයේදී ‌ම‌ෙසේ අරලියගහ මැදුරට වැඩම කර භික්ෂූන් වහන්සේලා අගමැතිවරයා මුණ ගැසී ‌මේ බව දැනුම් දී තිබේ.

අතිපූජ්‍ය මාතලේ ධම්මකුසල අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුතුව අරලිය ගහ මන්දිරයට වැඩම කළ භික්ෂුන් වහන්සේලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ හැකි බවට විශ්වාසය තැබිය හැකි කරු ජයසූරිය වැනි බලයට කෑදර ‌නොමැති පුද්ගලයකු ‌මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බව දැනුම් දී තිබේ.

මීට අමතරව ‘පුරවැසි බලය’ සංවිධානයද ඊ‌යේ් (15) දිනයේ අගමැතිවරයා මුණගැසී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා පවත්වා තිබේ.

මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ, ලාල් විජේනායක, ‌කේ. ඩබ්ලිව්. ජනරංජන ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියහ. 2015 ඇතිකරගත් පුලුල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය තවදුරටත් ඉදිරියට ‌ගෙන යායුතු බව එහිදී ‌මෙම පිරිස අගමැතිවරයාට දැනුම් දී ඇත.


Written by

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
පාර්ලිමේන්තු ට්විටර් ගිණුමේ නිරුවත් පින්තූර පෙන්වයි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිල ට්විටර් ගිණුමේ නිරුවත් පින්තූර ඇතුලත් සටහන් දර්ශණය වීමක් 25 වනදා රාති‍්‍රියේ ...