free page hit counter
LATEST

ගෝටාභයගේ පොහොට්ටු වේදිකාව අතහරින්නට ශ‍්‍රීලනිපය තීන්දු කරති..

Politics 1035

ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම සඳහා තීන්දු කර සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් පොදුජන පෙරමුණේ වේදිකාවට ගොඩ නොවීමට තීන්දුකර ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.

මීට හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඉලක්ක කරමින් දිගින් දිගටම පොදු ජන පෙරමුණ රැළිවලදී හූ තැබීමයි.

මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම වෙනුවෙන් තනිව ජනහමු පැවැත්වීමටද ශ‍්‍රීලනිපය තීරණය කර ඇත.

දැනට ශ‍්‍රීලනිප මන්ත්‍රීවරුන් හය දෙනකුට පමණ ජනහමුවලදී ‘හූ’ තබා තිබේ.

ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් ඉලක්ක කරමින් දිගින් දිටගම හූ තැබීම් සිදු කරන්නේ මීලග මහ මැතිවරණයේ පූර්ව මනාප සටන ලෙස බව දේශපාලන නිරීක්‍ෂඛයන්ගේ අදහසයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
පොහොට්ටු රැලියක මහින්දටත් හූ තියලා.. කතාව අතරමැද නවත්වලා..
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අලව්වේ දී පැවති ජන රැලියේදී තමනට හූ කිව්වේ බීමතින් එවන ...